Posted on 01.14.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ස්වෛරී බැඳුම්කර සඳහා ජනවාරි 18 වැනිදාට ඩොලර් මිලියන 500ක් ගෙව්වද ලංකාව ජාත්‍යන්තර ණය දර්ශකයේ පහළට යෑම නතර වෙන්නේ නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ (13) නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ඔහු ප්‍රකාශ කළ ආකාරයට එසේ ණය හා වාරික මුදල් ගෙවන බවට කරන ප්‍රකාශ නිසා බරපතළ සැකයක් මතු වේ. වැඩිදුර අදහස් දක්වමින් දුමින්ද නාගමුව පැවසුවේ මෙම වසර තුළ ණය වාරික මුදල් දෙවරක් ගෙවීමට ඇත. ඒ අනුව, ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500ක් සහ ජුලි මාසයේ 25 වැනිදා ඩොලර් බිලියනයක් ගෙවන්නට තිබේ.
මෙම තත්වය තුළ ලංකාවට අදාළව මේ විකුණනු ස්වෛරී බැඳුම්කර ද්විතීක වෙළෙඳපොළේ දී මිලදී ගෙන තිබෙන්නේ කවුද යන්න සොයා බැලිය යුතු කාරණයකි. ඔහු කීවේ
“පසුගිය නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ රට බංකොළොත් වෙනවා. මේකට ගෙවාගන්න බැරි වෙයි… කියලා රේටීන් සමාගම් වලින් වාර්තා එළියට ආවහම 50% කින් කඩා වැටුණා. අද වෙනකොට මේක අතින් අත ගිහිල්ලා මිලදී අරගෙන තියෙන්නේ කවුද. මේ මිලියන 500 මේ වෙනකොට විකිණිලා තියෙන්නේ මිලියන 250කට. එසේ මිලදී ගන්න අයට මිලියන 250 ක ලාභයක් තියෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.