Posted on 01.09.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකුව විසින් විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා තමන් සතු රන් සංචිතයෙන් 54.1% ක් පසුගිය මාසයේ අලෙවිකර ඇත.
ජනවාරි 7 දිනයේ නිකුත් කළ මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශකය අනුව, 2021 දෙසැම්බර් මාසයේදී රත්රන් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 382 සිට ඩොලර් මිලියන 175 දක්වා පහත බැස ඇත. මෙය මහ බැංකුව සතු රත්රන් ටොන් 6.69න් ටොන් 3.6 ක් වන බැවින් දැනට මහබැංකුව සතු වන්නේ රන් ටොන් 3 සිට 3.1 දක්වා ප්‍රමාණයක් බව වාර්තා වේ.
මහබැංකුව සතු රන් ටොන් 19.6 කින් 2020 දී රන් ටොන් 12.3 ක් අලෙවි කළ බව පවසන ඇතැම් මූළාශ්‍ර දෙසැම්බරයේ ලංකාව රත්රන් අලෙවි කළ සිව්වැනි අවස්ථාව බව පෙන්වා දෙයි.