Posted on 04.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘ලංකාවේ තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයන්ගේ සංවිධානය විසින් ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර ඇත.
එම සංවිධානයේ සභාපති ඉංජිනේරුවරයකුවන කපිල පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් අදාළ කොමිෂන් සභා පනත සම්බන්ධ ජනමත විචාරණයක් ඉල්ලා ඇත.
වරාය නගරය බලාත්මක කිරීමේ පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කෙරෙන බව දක්වමින් රටේ මූලික නීතියට පටහැනි බවට එම පෙත්සමෙන් කරුණු දක්වා ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් සහ ජනමත විචාරණයකින් දෙන තීන්දුවක් අවශ්‍ය බවට නියෝගයක් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.