Posted on 10.22.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව ගෙනා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් අද(22) රාත්‍රි පාර්ලිමේන්තුවේදී සම්මත විය.
තෙවැනි වර කියවීමෙන් පසු පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව මන්ත්‍රීවරු 156 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 65 ක්ද ඡන්දය ලබාදුන්හ. සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබී තිබූ අතර විරුද්ධ ඡන්ද 56ක් හිමිව තිබිණි. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ වැඩි ඡන්ද 100කිනිි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රීවරු 148ක් පක්ෂවත්, සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු 08කුත් සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදී ඇත.