Posted on 01.20.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඇමෙරිකා එක්සත් ජනපද මිලෙනියම් පදනම සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සමග මෙරට ප්‍රවාහන ක්ෂේත්‍ර නවිකරණය හා ඉඩම් ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ යෝජනා සහිතව පැමිණි එම ව්‍යාපෘතිය දැඩි ජනතා විරෝධයකට හේතු විය. රනිල්-මෛත්‍රි පාලනය සමයේ දී ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින් ඊට විරෝධය දැක්වූ අතර බලයට පැමිණි පසුව ඒහි සංශෝධන සිදුකර අත්සන් කිරීමේ යෝජනා සළකා බලන ලදී. කෙසේවෙතත් මේ සම්බන්ධව අධ්‍යයන කළ කමිටු වාර්තාවක් මගගින් ඊට දැඩි විරෝධයක් ප්‍රකාශ කෙරිණි. ඉන්පසුව, අදාළ ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට දැනුම් දෙන ලදී.
මේ අතර මූික අයිතිවාසිකම් පෙපත්සම් ගින් ඊට එල්ල කළ විරෝධයද සළකා බලන ලදී. මේ වනවිට එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපති දප්පුල ද ලිවේරා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.