දකුණු කොරියානු ජනපති උතුරු කොරියාවට පැමිණේ

තෙදින නිල සංචාරයක් සදහා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියාවේ පියොංන් යෑං වෙත අද පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.

දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමටත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික අවිවලින් තොර කලාපයක් කිරම හා එ.ජනපදය සමග ආරම්භ කර ඇති සාකච්ඡා වැඩිදරටත් ශක්තිමත් කිරීමේ අදහසින් දෙරටේ නායකයින් නිල වශයෙන් හමුවීමට නියමිත බව වාර්තාවේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් හා ජේෂ්ඨ නිලධාරීන් ගණනාවක් පැමිණ තිබේ.

අද ඇරඹෙන තෙදින සංචාරය සදහා 110 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් උතුරු කොරියානු අගනුවර වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.

දකුණු කොරියානු ජනාධිපති හා උතුරු කොරයානු නායකයා අතර තෙවන වරට මෙම සාකච්ඡා පැවැත්වෙන බව සදහන්ය.

Madanayaka :