දිස්ත්‍රික්ක 13ක 49000ක් ආපදාවට පත්වේ, කාලගුණ විපත් මරණ 9ක්!

පසුගිය දිනවල උත්සන්න වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 12,478කට අයත් පුද්ගලයන් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ තත්වය තුළ කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ. වාර්තාවන ආකාරයට මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින බව ද වාරතා වේ. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 4ට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

Chandana Sirimalwatte :