Posted on 01.05.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගැනීමට සහ ඊට අදාළ නිල කාර්යාල ලබාදීමට පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා එකඟ වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර පවසයි
ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, යන අමාත්‍යවරුන් ද නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අනුර කුමාර දිසානායක, සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන්ගේද ප්‍රධානකත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (4) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. මේ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගි වී නොසිටි බව වාර්තා වෙයි.
හවුල් ආණ්ඩුවේ විපක්ෂ නායකත්වය දෙමළ ජාතික සන්ධානය වෙතද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණටද ලබා දුන් අතර එහිදීද විරෝධතා ඇති විය. එසේ වුවද විපක්ෂනායක ලෙස තමන් ඉල්ලා අස්වී නැති බවද ව්‍යවස්ථාමය වහයෙන් තමන් තවමත් විපක්ෂ නායක බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි ආර් සම්බන්ධන් පසුගිය දිනවල ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන බවද ව්‍යවස්ථාව හා සදාචාරය රකින බවටද විවිධ ප්‍රකාශ, නිර්ණායක ඉදිරිපත් කරනු ලැබුවද ලංකාවේ පාර්ලිමේන්තුව සිය සම්ප්‍රදායන් කඩා බිද දමමින් පෙර නොවු ආකාරයේ විකෘතිතා ඇති ආයතනයක් බව තවදුරටත් සනාථ කරමින් සිටී.