දෙමුහුන් අධිකරණ පිහිටුවීම හරහා රට උගුලකට හසුවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක පවසයි. ඔහු මේ අදහස් පළකරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලියේ ඇතුලත් දෙමුහුන් අධිකරණ යෝජනාවලිය ආණ්ඩුව විසින් ප්රතික්ෂේප කිරීම පිළිබඳ අදහස් දක්වමිනි.
එවැනි අධිකරණයක් පිහිටුවීම හරහා යුධ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකළ නොහැකි බව ඔහු පවසයි.
මානව හිමිකම් සුරැකීම ආණ්ඩුවේ වගකීමක් බවද බිමල් රත්නායක වැඩිදුරටත් පවසා ඇත.