දිගු කාලයක් පැවති නියං සමය අවසන් කරමින් ප්‍රදේශ ගනනාවක අධික වැසි පසුගිය දිනවල පතිත වූ අතර අනතුරුදායක අකුණු හා වෙනත් ආපදා තත්වයන්ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ වනවිට අධික වැසි සහ සුළං නිසා ගස් කඩා වැටී ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වී තිබුණු අතර අද රාත්‍රියේදීද අධික වැසි නිසා බස්නාහිර, ඌව, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ හා උතුරුමැද පළාත්වල වැසි සහ සුළං අධික කාලගුණය මෙන්ම අකුණු අවදානම නිසා ප්‍රවේශම්වන ලෙස ජනතාවට අනතුරු අගවනු ලැබේ.