Posted on 01.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බව රාජ්‍ය ඇමති නිමල් ලංසා පවසයි.
පාර්ලිමේන්තවේ විවාදයකට එක්වෙමින් අද (05) රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා මෙසේ සිය අදහස පැවසීය.
“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පුළුවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”
මෙරට නිරෝධායන නීතිය අනුව විදේශයේ සිට ගුවන්යානා හා නැව්වල පැමිණෙන සියලු මගීන් නිරෝධායන කාලයක් ගතකළ යුතුව ඇත. එය දින 14ක් බවට නියමකර ඇති අතර සංචාරකයන් ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේ එය පිළිගත නොහකි බව සංචාරක අමාත්‍යංශය කළ දැනුම් දීමක් අනුව සෞඛ්‍ය බලධාරින් දින7කට එම කාලය අඩුකර නිර්දේශ ලබාදී ඇත. එහෙත් විදේශගත ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ට මෙවැනි කිසිදු සහනයක් ලබා දී නැත. නිරෝධායනය සඳහා ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ගේ හෝටල්වලට මුදල් ගෙවීම නවතා අවම වශයෙන් නිවසේ නිරෝධායනයට අවස්ථාව නොදීම ජුගුප්සාජනක තත්වයකි.