Posted on 06.25.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තවාදී අදහස් පළකළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගත් රමිසි රසීක් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමට ඒළඹුණු අධිකරණ අවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින් මඟහැරී ඇත.
අන්තර්ජාලයේ අදහස් පළ කිරීමේදී රම්සි රසීක් මුස්ලිම් ජනයා අතර චින්තනමය අරගලයක් අවශ්‍ය බවට අදහස් ඵළ කර ඇති අතර ඒහිදී ‘චින්තන ශුද්ධ යුද්ධයක්’ (ideological war) සම්බන්ධව කළ සඳහන ඔහුට එරෙහිව චෝදනා නැගීමට භාවිතකර ඇත. අප්‍රේල් 9 වනදා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ නඩු පවරනු ලැබූ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටිය හැක්කේ මහාධිකරණයකදී පමණි. මැයි මස 28 පැවති මහාධිකරණ නඩුවට නීතිපති දෙපාර්මේතන්තුව සහභාගි නොවීමෙන් ඔහුගේ නඩු විභාගය මාස එකහමාරකින් කල් දමන ලදී. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් රම්සි රසීක්ට යුක්තිය ඉටු කිරීමේ අවස්ථාව මඟහැර ඔහුට මාස ඒක හමාරක තවත් බන්ධනාගාර කාලයක් ලබාදීමට දායක වී ඇත. ‘යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමම අයුක්තියක්’ බව මෙන්ම ‘නීතිය ඉදිරියේ කවුරුත් සමානය’ යන්න නීතිපති දෙපාර්තමේන්තුව අමුතුවෙන් ඉගෙන ගත යුතුව ඇත.
විශේෂයෙන් කිසිදු නිල ඇඳුමක් රහිත සිවිල් පුද්ගල කණ්ඩායමක් විසින් කොරෝනා වසංගත ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගෙන ඇති රම්සි පදිංචි කටුගස්තොට පොලිසිය ඔහුගේ ආරක්ෂාව සඳහා පැමිණිල්ලක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන්ම ඔහුගේ අයිතිවාසිකම් කඩකර ඇති අවස්ථාවක මෙම තත්වය සැළකිල්ලට ගත යුතුව තිබේ.
