සිකුරාදා(15) පලස්තීනයෙන් ඊශ්‍රායල් ටෙල්අවිව් අගනුවරට එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ පලස්තින ඉලක්ක 100ක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
2014 වර්ෂයෙන් පසු ඊශ්‍රායල නගරයක් ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල වූ ප්‍රථම අවස්ථාව වන අතර ඒක් රොකට්ටුවක් ඊශ්‍රායල් මිසයිල ආරක්ෂණ පද්ධතියෙන් විනාශ කරන ලදී. අනෙක් ෙරොකට්ටුව ජනශුන්‍ය ස්ථානයකට පතිතවීමෙන් ජීවිත හෝ දේපල හානි සිදු නොවීය.
පළිගැනීම පිණිස ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් 4 දෙනකු තුවාල ලබා ඇති අතර හමාස් සංවිධානයේ මූලස්ථානයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර ඇත.
හමාස් ත්‍රස්ත ඉලක්ක 100කට පමණ පහර දුන් බව ඔවුහු තහවුරු කරති. කෙසේ වුවද ටෙල් අවීව් නුවරට එල්ල කළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නැත.