ප්‍රංශයේ සුභසාධන කප්පාදුවට හා කම්කරු නීති සංශෝධනවලට විරෝධය

නව කම්කරු නීති ප්‍රතිසංස්කරයන්ට එරෙහිව පැරිස් කම්කරුවෝ උද්ඝෝෂණය ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම උද්ඝෝෂණය ව්‍යාපාරයට එරට දහස් ගණන් කම්කරුවන් සහභාගීවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශෙය් ප්‍රකට වෘත්තීය සමිති වන CGT හා DAL යන වෘත්තීය සමිති සම්බන්ධවී මෙම උද්ඝෝෂණය ව්‍යාපාරය  සංවිධානය කර ඇත. නව ආර්ථික ප්‍රථිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටින මැක්රෝන් ජනාධිපතිවරයාට එරෙහිව සටන්පාඨ කියමින් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇති බව වාර්තාවේ.

වත්මන් මැක්රෝන් ජනාධිපතිවරයා විසින් සිය ව්‍යාපාරික හා බැංකු හිමියන් වෙනුවෙන් පෙනීසිටීමට එරෙහිවත් විශේෂෙයන් රාජ්‍ය සේවය කප්පාදු කිරීම හා සමාජ සුභසාධන කප්පාදු හා කම්කරුවන් දිනා සිටි අයිතිවාසිකම් කප්පාදුව නතර කළ යුතු බව ප්‍රංශ කම්කරුවන්ගේ මූලික ඉල්ලීම් වී ඇති බව වාර්තාවේ.

අගෝස්තු 31 දින මැක්රෝන් කම්කරු නීති ප්‍රතිසංස්කරණ සදහා වන යෝජිත අවසන් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ. වත්මන් මැක්රෝන් පාලනයට එරෙහිව ප්‍රංශයේ ප්‍රබල වෘත්තීය සිමිත විසින් එළැඹෙන සැප්තැම්බර් මස 12 දින ජාතික විරෝධතා රැළි හා උද්ඝෝෂණය ව්‍යාපාරයන් දියත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය හොලන්ඩේගේ ආණ්ඩුවද නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ කිරීමට යෑමේදී ඊට එරෙහිව ප්‍රංශ කම්කරුවන් හා ශිෂ්‍යයින් විසින් මාසයකට වැඩි කාලයක් පුරා දැවැන්ත උද්ඝෝෂණය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර එම ප්‍රයත්නය තාවකාලිකව පරාජය කළත් නැවතත් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහිව අරගල කිරීමට ප්‍රංශ ජනතාවට සිදුව තිබේ.

Madanayaka :