පාකිස්තානය සන්නද්ධ කණ්ඩායම් මර්දනයට!

Pakistan

පාකිස්තානය විසින් ඉස්ලාමීය සටන්කාමී සංවිධාන මර්දනය කිරීම සඳහා පියවර ගන්නට තීරණය කළ බවත් දැනටමත් එරට තහනම් කර ඇති සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් 44 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පාකිස්තානය ඊයේ (5) ප්‍රකාශ කළේය. 

ඉන්දීය හමුදා රථෙපෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ සමීප ඥාතීන් ද අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි. 

පෙබරවාරි 14 වැනිදා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40ක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. ඉන්පසුව පාකිස්තානය ත්‍රස්තවාදී කණ්ඩායම් සහ සටන්කාමීන් මර්දනය කිරීමට කිසිවක් නොකරන බව පවසමින් ඉන්දිය ගුවන් හමුදාව පාකිස්තාන ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර පාකිස්තාන ගුවන්හමුදාවේ ප්‍රතිප්‍රහාර නිසා ගුවන් යානයක් කඩා වැටුණි. මෙය මීළග ලෝක යුද්ධයක් දක්වා යන අන්දමේ චීන හා අමෙරිකා ගැටුමක් බවට පත්වේ යැයි ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් විසින් බිය පළ කරන ලදී. පාකිස්තානය ඉන්දිය හමුදාවට පහරදුන් කණ්ඩායම් හසුරුවන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වුවද පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

Chandana Sirimalwatte :