தமிழ்
English
Contact
Monday 6th May 2019    
පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ජේෂ්ඨත්වය අනුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ජේෂ්ඨත්වය අනුව



නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන ලද ගැසට් නිවේදනය මේවනතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව වෙන්කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්වී ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදුකරනු ඇති බවද පැවසේ.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අද (18දා) දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද(18දා) පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර, අද දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ගැලරිය විවෘත කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.