Posted on 11.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(23) දින පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද තීරණය කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායක හමුවක් මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇත.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේදී බහුතරය සම්බන්ධ ගැටලුව නැවත පැන නැගී ඇති නිසා අද නැවතවරක් වියවුල්කාරී තත්වයට පත්වන්නට ඇති ඉඩකඩ හමුවේ මෙම පක්ෂ නායක හමුව තීරණාත්මක එකක් වනු ඇත. එසේම කථානායකවරයා ක්‍රියාකරන ආකාරය පිළිබද සෑහීමකට පත් විය නොහැකි නිසා නව කථානායකවරයෙක් පත්කරගන්නා බවට මහින්ද පාර්ශ්වය ප්‍රකාශ කර තිබියදී මෙම රැස්වීමේ තීරණ අද පාර්ලිමේන්තුවේ සභාවාරය සම්බන්ධ වැදගත් වන්නකි.