පාර්ලිමේන්තුවේ යකා නැටූ මන්ත්‍රීවරු 59 ක නම් හෙළි කරයි!

2018 නොවැම්බර් 14 , 15,16 යන දිනයන්වලදී කැදවන ලද පාර්ලිමේන්තු සභාවාරවලදී හටගත් ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙළි කරයි.

ඒ යටතේ මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22) ඉදිරිපත් කෙරිණි.

චෝදනා එල්ලවී ඇති වැඩි පිරිසක් එනම් 54ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ අතර 4 දෙනකු එක්සත් ජාතික පක්ෂයේ සහ එක් අයකු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. වාර්තාවේ දැක්වෙන අන්දමට වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ලවී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර,
විමල් වීරවංස, පද්ම උදයශාන්ත ගුණසේකර, ප්‍රියංකර ජයරත්න හා ඉන්දික අනුරුද්ධ, ආනන්ද අලුත්ගමගේ, එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයාට චෝදනා 8 ක් ද මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ටය.

Chandana Sirimalwatte :