Posted on 11.19.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (19) පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00ට ආරම්භ වී මිනිත්තු 5කදී අවසන් විය.
සභාවාරය අරඹමින් නියෝජ්‍ය කථානායකවරයා කීවේ පක්ෂ නායක රැස්වීමේදී එකග වූ පරිදිද පාර්ලිමේන්තු කටයුතු පිළිබද තේරම් කාරක සභාව පත්කිරීමට අවශ්‍ය එක් එක් පක්ෂවල නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහලේකම් වෙත ලබා දෙන ලෙසයි. මෙහිදී ආණ්ඩු පක්ෂයට එම තේරීම් කාරක සභාවේ බහුතරය හිමි විය යුතු බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කියාසිටීමත් සමගම සභාභාවේ දැඩි නොසන්සුන්තාවයක් ඇති විය. එහිදී නැගී සිටි ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු බහුතරයක් පෙන්වන්නට නොහැකි වූ පාර්ශ්වයකට තේරම් කාරක සභාවක බහුතරයක් හිමිකරදීම යුක්ති සහගත නොවන බවයි. එහිදී කථානායකවරයා ප්‍රකාශ කළේ පක්ෂ නායක සාකච්ඡාවේදී ඇතිකරගත් එකගතා අනුව නම් යෝජනා කරන ලෙසත් පාර්ලිමේන්තුව කල් ලබන 23 වැනිදා උදෑසන 10.30 දක්වා කල් තබන බවත්ය.