ජාතික පාසල්වල මුදල් අයකරන්න එපා – අඛිල විරාජ්ගෙන් ප්‍රකාශයක්

පාසල්වල කටයුතු සඳහා යයි කියමින් ජාතික පාසල්වල දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නතර කිරීම පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා වෙනම නිලධාරියෙකුද පත්කර ඇතැයි ඔහු පවසා ඇත. මේවනවිට අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගෙන තිබෙන අතර පාසල් චක්‍රලේඛානුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පියවර ගන්න යයිද ඇමතිවරයා උපදෙස් දී ඇත.

ඇමතිවරයා මෙසේ පැවසුවද මිට පෙර 2015 වසරේ පාසල්වල මුදල් අයකරන්නේ නම් අනිවාර්යයෙන් රිසිට්පාපතක් නිකුත්කරන ලෙස සදහන් 5/2015 දරන ආණ්ඩුව විසින් නිකුත් කරන ලදී. එයින් මෙතෙක් නීතියට පිටින් සිදුවූ පාසල්වල මුදල් අයකිරීම පළමුවරට නිත්‍යානුකුල කරන ලදී. එපමණක් නොව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල්වල මුදල් අයකිරීම සඳහා 2019 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට 2018/26 ලෙසින් නව චක්‍රලේඛයක් හදුන්වා දී තිබේ. ඒ හරහා ආණ්ඩුවෙන් පාසල් වෙත යම් මුදලක් වෙන් කරන අතර පාසලට අවශ්‍ය ඉතිරි වියදම් පාසලේ සිසු දරුවන් මත පැටවේ. පාසල්වල මුදල් අයකිරීම චක්‍රලේඛයක් හරහාම නිත්‍යානුකුල භාවය සපයා දී ඇති තත්ත්වයක් තුළ ඇමතිවරයා විසින් මුදල් අයකිරීමට එපා යනුවෙන් ප්‍රකාශ පමණක් නිකුත් කිරීමෙන් පලක් නැති බව පැහැදිලි වේ.

Sithara Sajeewani :