‘1000 ව්‍යාපාරය‘ ජයග්‍රහණය තෙක් සටන් කරන බවට ශපථ කරයි!

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000ක් කරන ලෙස ඉල්ලමින් වමේ පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඒකාබද්ධව ගොඩනැගූ ‘1000 ව්‍යාපාරය‘ විසින් අද කොළඹදී විරෝධතා අරගලයක් ආරම්භ කරණ ලදී.

කොළඹ ගෑස්පහ හන්දියෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය මහවීදිය ඔස්සේ පාගමනින් කොටුව බෝගහ ඉදිරිපසට පැමිණ විරෝධතා රැස්වීමක් පවත්වන ලදී. වෘත්තිය සමිති, වාමාංශික කණ්ඩායම්, සිවිල් සංවිධාන සහ වතු තරුණ ව්‍යාපාර නියෝජිතයන් විසින් මෙම විරෝධතා රැස්වීම අමතන ලදී. වාමාංශික පක්ෂ නියෝජිතයන් මෙන්ම විද්වතුන් සහ කලාකරුවන් රැසක්ද මෙම විරෝධතාවට සහභාගි වූහ.
වතුකම්කරු ජනයා රවටමින් ව්‍යාජ වතු වෘත්තිය සමිති ගෙනයන ප්‍රෝඩාවට හා වතු හාම්පුතුන් සමග සාමුහික ගිවිසුම් අත්සන් කරමින් වතු ජනයාගේ අරගල පාවාදීමට එරෙහිව මෙහිදී හඩ නගන ලදී. වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 1000 කරන තුරු අරගලය අත් නොහරින බවට මෙහිදී අරගලයට එක් වූ සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

Chandana Sirimalwatte :