Posted on 12.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රිමාන්ඩ් භාරයේ පසුවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (05) නියෝග කළේය.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරුවන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරිට තර්ජනය කිරීම හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව නගා ඇති චෝදනා වේ. ඇප මත සිටියදී කිසිදු අයුරකින් විමර්ශනවලට බාධා නොකළ යුතු බවත් තනතුර පාවිච්චි කරමින් සාක්කිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත් විශේෂයෙන්ම ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරිට බලපෑම් නොකළ යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පැවසීය.
හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අද උදෑසන 10.30 ට පමණ බන්ධනාගාර බසයකින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණියද අදාළ නඩු කටයුතු ඇරැඹිමේ වේලාව පැමිණෙන තුරු ඔහු බසයේම රඳවා සිටීමට නිලධාරීන් කටයුතු කර තිබිණි. අධිකරණය විසින් නඩු කටයුත්ත ආරම්භ කළ අද සවස 2.10 ට පමණ වනතුරුම හිටපු නාවික හමුදාපතිවරයා පැය 4කට අධික කාලයක් බන්ධනාගාර බස් රථයේම රඳවනු ලැබ සිටියේය.