පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත ප්‍රදර්ශනය වන ලෙස ඡායාරුප ගෙන ඒවා අන්තර්ජාලයේ පෙන්වූ බවට චෝදනා එල්ල කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් තිදෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.
අද(10) දිනයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් තිචෙනාටම තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ. එසේම සැකකරුවන් විසින් වරද පිළිගැනීමත් සමඟ මෙම නඩු විභාගය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවක් නොමැති බැවින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් තිදෙනා නිදහස් කරන්නට තීරණය කර ඇත.