පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට තහවුරුයි – රජයේ රස පරීක්ෂක

ඊයේ(21) දේවස්ථාන කිහිපයක සහ කොළඹ හෝටල් කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරකයන් හත්දෙනෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බව රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කර තිබේ.

කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට පොලිසිය සැක කර තිබුණි.

කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන හිස් දෙකක් ද පොලිසිය සොයාගෙන තිබූ බව වාර්තා විය.

Sithara Sajeewani :