Posted on 03.08.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශයවන ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ අද(8) ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විරෝධතා පෙළපාළියක් හා සම්මන්ත්‍රණයක් සංවිධානයකර තිබිණි.
විශේෂයෙන් ලාංකීය කාන්තාවන් මුහුණදෙන පීඩාවන්ගෙන් නිදහස්වීම කාන්තාවන් විසින් අන් සියලු පීඩිත බලවේග සමග කරන අරගලයකින් ජයගත යුතු පුලුල් ජයග්‍රහණයක් බව එහිදී අවධාරනය කෙරිනි. පීඩාවට පත් කාන්තාවන්ගේ අපේක්ෂා නියෝජනය කරමින් සහ ඔවුන් දේශපාලන ක්‍රියාකාරිත්වයට කැඳවීමේ අරමුණින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාළියට යොදාගන්නා ලද සටන් පාඨ මෙසේය.
(1) ගෙදර වැඩත් වැඩක් – ඒකට කෝ මිලක් ?
(2) වත්තෙත් වැඩ, ගෙදරත් වැඩ, පඩිත් නැතිව අපි පාරට….
(3) උතුරේ කාන්තාවන්ගේ කඳුළු
මරණ සහතිකයෙන් පිසදැමිය හැකිද?
(4) ලිප ගිනි නොඇවිළේ කුසගිනි ඇවිළේ……
(5) සෞභාග්‍යයේ දේශයක් – අපි වැටිච්ච වලක්…..