Posted on 12.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂගේ සැලැස්මකට පටහැනි ලෙස මැදිහත්වීම නිසා ඇතිවූ පවුලේ ගැටයකට හසුවීමෙන් පී.බී. ජයසුන්දරට ඉල්ලා අස්වන ලෙස බලපෑමක් සිදුව ඇත.
ජනාධිපති ලේකම් ධුරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් යවන්නට පදනම් වී ඇත්තේ චමල් රාජපක්ෂ ඇමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් බව දේශපාලන ආරිචං මාර්ග අනාවරණය කරයි.
පී.බී. ජයසුන්දරගෙන් පුරප්පුඩුවන ජනාධිපති ලේකම් ධුරයට දැනට අගමැති ලේකම් වශයෙන් කටයුතු කරන රාජපක්ෂ පවුලේ ඥාතියකුවන ගාමිණී සේදර සෙනරත් පත් කෙරෙනු ඇති බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි .
කෙසේවෙතත්, ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වන අගමැති ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් වනු ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන ගාමිණි සෙනරත් අගමැති ලේකම් ධුරයට පත්වීමට පෙර, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය තුළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් මහජන මුදල් අවභාවිතය සම්බන්ධ චෝදනාවකට ලක්විය. පසුගිය කාලයේ ඔහු සමඟ එකී චෝදනාවට ලක් වූ එවකට අගමැති ලේකම් ලලිත් වීරතුංග චෝදනාවලින් නිදහස් කරන ලදී.