Posted on 03.19.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පුත්තලම ජාත්‍යන්තර කුණු ගොඩක් නොකරනු යන මැයෙන් අද පිරිසිඳු පුත්තලමක් සංවිධානය සහ වෙනත් සංවිධාන කිහිපයක එකතුවෙන් අරුවක්කාඩු කසළ අංගනයට විරුද්ධව ගාලු මුවදොර පිටියේදී විරෝධතාවයක් පැවැත්විණි. විරෝධතාවය සඳහා එකවූවන් පැවසුවේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් පුත්තලම කලපුව මෙන්ම, ඒ ප්‍රදේශය ආශ්‍රිත ධීවර කර්මාන්තය සහ ලුණු කර්මාන්තයට මේ හරහා විශාල බලපෑමක් සිදුවන බවයි. එසේම මේ ප්‍රදේශයේ පවතින හුණුගල් සහිත පස හේතුවෙන් කුණු භූගත ජලයට මිශ්‍රවිමේ අවධානමක්ද ඇති බව විරෝධතා කරුවන් පවසයි. මේ ප්‍රශ්නය මූලික කරගෙන ජනාධිපතිවරයාට ලිපියක් බාරදීමද අද සිදුවිය.