පෙර පාසල් දරුවන්ට බෑග් දීමට ගත් මුදල් ඌව මහ ඇමතිගේ ගිණුමට !

ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පළාත් සභා ලිපි ශීර්ෂ යොදා ගනිමින් පෙර පාසල් සිසුන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලක් තම ගිණුමකට බැර කර ගෙන ඇතැයි පැවසේ.

ඊයේ (19) පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැති ශ්‍රියානි විජේවික්‍රම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි.

විගණකාධිපතිවරයා විසින් කරන ලද විමර්ශනයකදී හෙළි වූ තොරතුරු පිළිබඳව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරිය පැවසුවේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක  අමාත්‍යංශ ලිපි ශිර්ෂවලට සිය අත්සන යොදා ගෙන මෙම කාර්යයෙහි නිරතවී ඇති බවයි.

පෙර පාසල්වල සිසුන්ට පාසල් බෑග් ලබාදීම සඳහා ආධාර වශයෙන් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල් කිසිවක් ප්‍රධාන අමාත්‍යාංශ ගිණුමට බැර කර නොමැති බව මෙහිදී පැවසුනි.

එම මුදල් චාමර සම්පත් දසනායක පදනම නැමැති අරමුදලකට ගිණුම් ගත කර ඇති බවත් එය නිල නොවන ගිණුමක් බව විගණන විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව ද මෙහිදී අනාවරණය කර තිබේ.

Sithara Sajeewani :