தமிழ்
English
Contact
Saturday 4th May 2019    
පොදු අපේක්ෂකයකු වෙනුවට ජ.වි.පෙ. කේන්ද්‍ර කළ ‘විකල්ප අපේක්ෂකයෙක්‘ - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොදු අපේක්ෂකයකු වෙනුවට ජ.වි.පෙ. කේන්ද්‍ර කළ ‘විකල්ප අපේක්ෂකයෙක්‘ – අනුර දිසානායක



ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ජ.වි.පෙ. කේන්ද්‍ර කරගත් විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි.
ජ.වි.පෙ. නායකයා ඊයේ(19) මල්වතු පාර්ශ්වයේ නායක තිබ්බටුවාවේ සුමංගල හිමි හමුවී 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් දැනුම්දීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය. ජ.වි.පෙ. වෘත්තිය සමිති නායක ලාල් කාන්ත දිගින් දිගටම පවසන්නේ නිර්ධන පන්තිය නියෝජනය කරන අපෙකේෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවකි. ජ.වි.පෙ නායකයාද ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු පිළිබදව නොව, ජ.වි.පෙ. කේන්ද්‍ර කරගත් විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන බවය.

පසුගිය කාලයේ ජ.වි.පෙ. ප්‍රකාශ කළේ පක්ෂයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවකි. පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පසුගිය සතියේ ‘අනිද්දා‘ පුවත්පතටද මේ බව ප්‍රකාශ කර තිබිණි. කෙසේවෙතත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන ප්‍රශ්නය විමසු විට ජ.වි.පෙ. නායකයා මාධ්‍ය වේදීන්ට පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොදු අපේක්ෂක යන හැදින්වීම පවා දියකර හැර තිබෙන බවය. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමට මහින්ද රාජපක්ෂ විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිය අපේක්ෂකයකු පවා ඉදිරියට නොදමා ප්‍රබල ආකාරයෙන් සහයෝගය ලබා දුන් ජ.වි.පෙ. එ් පිළිබද පසුතැවීම ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වේ.