Posted on 03.27.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආනයනකින පොල්තෙල් වලට වඩා තත්වයෙන් ඉහළ සෝයා තෙල් මේ වනවිට සතොස අලෙවිසැල් හරහා අඩු මිලට අලෙවි කෙරෙන බැවින් ඒවා මිලදී ගන්නා ලෙස වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.
ඔහු පැවසුවේ,
“පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පිළිකා කාරක අඩංගු ආනයනික පොල්තෙල් තොගයක් වෙළඳ පොළට නිකුත් වී තිබීම අනාවරණයත් වීමත් සමග රටම උණුසුම්ව ඇති තත්වයක් තුළ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
මේ මොහොතේ ආණ්ඩුව ලෙස කිව කළ යුත්තේ එම පොල්තෙල් තොගය පරිභෝජනය කිරීම වළක්වා එය වෙළඳ පොළට නිකුත් කිරීමට අනුමැතිය දුන් අයවලුන්ට සහ ගෙන්වූ ආයතනවලට එරෙහිව කටයුතු කිරීමයි. එසේ වෙනුවට රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් ලෙස බන්ධුල ඇමතිවරයා දිගින් දිගටම පාන් නැත්තම් කේක් කාපල්ලා වැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනු දක්නට ලැබේ.