Posted on 04.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අත්අඩංගුවට ගන්නා ලද පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් පිළිබඳව සිදු කළ විමර්ශනයන්හිදී මහා පරිමාණ සමාගම් 5ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.
පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද මහා පරිමාණ සමාගම් පිළිබඳව පාරිභෝගික අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව විසින් පාරිභෝගික ආරක්ෂා පනතට හා රේගු ආඥා පනතට අනුව නීතිමය කටයුතු කරන බවත් මේ වන විට අදාළ විෂ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීම අරඹා ඇතැයි වෙළෙඳ ඇමතිවරයා පවසා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අනෙකුත් අදාළ ආයතන විසින් සිදු කරන විමර්ශනයන්හිදී අදාළ ආයතන විසින් හිතාමතාම මේ ආනයනය කර ඇති බව හෙළිවුවහොත් ඒ වෙනුවෙන් බිලියන ගණනක වන්දි ලබා ගැනීමට හා අදාළ බහුජාතික විදෙස් සමාගම්වලින්ද අතිවිශාල වන්දි ලබා ගැනීමට හැකි බවචද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
බන්දුල ඇමතිවරයා බිලියන ගණනක වන්දි ලබාගැනීමට හැකි බව පවසන්නේ එය ලංකාවට විශාල ප්රතිලාභයක්ය යන ස්ථාවරයේ සිට බව පෙනෙන්නට තිබේ. එහෙත් එවැනි සමාගම්වලින් වන්දි ලබාගැනීම පමණක් ප්‍රමාණවත් වේද යන ප්රශ්නය මතුවේ.