Posted on 03.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආනයන බදු අඩු කළ පසු සීනි ආනයනය වැඩිවී ඇත්තේ නීති විරෝධී ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද බන්ධුල ගුණවර්ධන පවසා තිබේ. දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.