ලංකාවේ පොලිසිය විසින් අන්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ ISIS සැකකාරියක ලෙස ප්‍රසිද්ධ කර පසුව වැරදීමක් ලෙස පවසා ඉවත්කරගත් ඡායාරූපයේ සිටින අමාරා මජීඩ් නමැති එක්සත් ජනපදවාසි ලේඛිකාව ලංකාවට ආදරය ප්‍රකාශ කරමින් ෆේස්බුක් සටහනක් පළ කර තිබේ.
එක්සත් ජනපදයේ වාසයකරන ලාංකික යුවළකගේ දියණියවන ලේඛිකාවක් හා සමාජ ක්‍රියාකාරිනියක් වන ඇගේ ඡායාරූපයක් ලංකාවේ පොලිසිය විසින් අන්තවාදී ප්‍රහාරයේ සැකකාරියකගේ නමින් ප්‍රසිද්ධ කිරීම නිසා ඇය මහත් අපහසුතාවට පත්ව ඇත.
ශ්‍රි ලංකා පොලිසියේ මාධ්‍ය නිවේදනයකින් මෙන්ම නිල ට්විටර් ගිනුමෙන් මෙසේ ප්‍රසිද්ධ කර තිබුණේ බොල්ටිමෝර්හි වසන අමාරා මජීඩ් නමැත්තියගේ ඡායාරූපයකි.
ඇය අලුයම අවදිවන විටත් ඇය පිළිබද පුවත ඇගේ හිතවතුන් හා විරුද්ධවාදින් අතට පත්ව තිබිණි. උවමනාවටත් වඩා විරුද්ධවාදි ක්‍රියාකාරකම්වලට මුහුණ දී සිටි ඇය ඒ හේතුවෙන් මෙය බැරූරුම් තත්වක් නොවන බව පවසා තිබිණි.
ඇය මෙම අත්දැකීම සම්බන්ධව සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුණේ මෙවැන්නකි.
“ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ISIS සැකකාරියක් ලෙස මා ලංකා ආණ්ඩුව විසින් නම්කර ඇති බව දැනගන්නට මම අද උදයේ නින්නෙදන් අවදි වූයෙමි. මෙය සැබැවින්ම වැරදි අදහසක් වන අතර මුස්ලිම් ප්‍රජාව මෙවැනි චෝදනාවන්ට හා ආවේක්ෂනයන්ට ඕනෑ තරම් ගොදුරු වී ඇත. ඒවා ඇති තරම් විද ඇති මා හට තවදුරටත් එවැනි චෝදනා හා විමර්ශනයන් අවශ්‍ය නැත.
කරුණාකර මෙවැනි බිහිසුණු ප්‍රහාරවලට මා සම්බන්ධ නොකරන්න. මින් පසුව මෙවැනි නිවේදන නිකුත්කරන විට කිසිවකුගේ පවුලේ අයට හා ප්‍රජාවකට දැඩි ලෙස හිරිහැරයක් නොවන්නට වඩා සැලකිලිමත් වෙන්න.
අල්ලා විසින් අනුකම්පාවෙන් යුතුව ආදරණීය ලංකාව ආරක්ෂා කරත්වා“
———————————————————————–
පසුගිය 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධව සැකකරන පුද්ගලයන් ලෙස පොලිසිය විසින් නිකුත් කරන ලද ඡායාරූප අතර තිබුණු අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමින් ප්‍රසිද්ධ කළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එනමින් සිටින සැකකාරිය නොවන බව පොලිසිය විසින් නිවැරදි කර ඇත.
පසුගිය පාස්කු ඉරිදා අන්තවාදීන් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයන් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් 25වැනිදා මාධ්‍යයට නිකුත් කළේය. මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත් නැවත පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ එම ඡායාරූපය අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, නමින් නිකුත් කෙරුනේ වැරදීමකින් බවයි. ඉන්පසුව අදාළ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කළ පොලිසියේ ට්විටර් ගිනුමද ඉවත්කර තිබිණි.