පෞද්ගලික පාසල් 400 දක්වා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක්

රජයේ අනුමත පෞද්ගලික පාසල් 40 ක ප්‍රමාණය 400ක් දක්වා ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු පවසන්නේ දැනට අනුමත පෞද්ගලික පාසල් 80ට ශාඛා 05 බැඟින් ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇති බවයි.

මෙම කැබිනට් පත්‍රිකාව ‘රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ශාඛා පාසල් රෙගුලාසිගත කිරීම හා ගුරු වැටුප් ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් සඳහා ගුරු වැටුප් ආධාර ලබාදීම’ යනුවෙන් නිකුත් කර ඇති බව පැවසේ.

Sithara Sajeewani :