Posted on 04.09.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෞද්ගලික බස් රථ සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි.
ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගිනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ලංකාව පුරාම මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව සංගමය පවසයි. කෙසේවෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න පවසන්නේ තමන් එවැනි වර්ජනයකට තීන්දුවක් ලෙන නැති බවත් වෙනත් කණ්ඩායමක් එවැනි තීරණයක් දැනුම් දුන්නද සිංහල-තමිල් අලුත් අවුරුදු කාලයෙන් පසුව බස් වර්ජනයකට සූදානම් වියහැකි බවටත් ඉන් මෙපිට බස් රථ නැවැත්වීමක් කළ නොහැකි බවත්ය.