Posted on 06.13.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බදු වංචාකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මන්ත්‍රිවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම ජූනි 21 වැනිදා සිදුවන බව දැනගන්නට ඇත.
ඉන්පසුව, ඔහු වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විසින් අලුතින් බිහි කළ ආයෝජන ප්‍රවර්ධන ඇමතිධුරයටද ඔහු දිවුරුම් දීමට නියමිතය.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම මන්ත්‍රී ධූරයෙන් පසුගිය 9 වැනිදා ඉල්ලා අස්විය. ඔහු එලෙස ඉවත්වීමෙන් පුරප්පාඩුවූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ධම්මික පෙරේරා මෙසේ පත් කෙරිණ.