தமிழ்
English
Contact
Thursday 29th September 2022    
ධම්මික කෝටි 57ක් රවී කෝටි 152ක් බදු වංචා කරලා - පුබුදු ජයගොඩ හෙළි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධම්මික කෝටි 57ක් රවී කෝටි 152ක් බදු වංචා කරලා – පුබුදු ජයගොඩ හෙළි කරයි



රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මොහොතක ජනතාව මත තවදුරටත් බදු බර පටවමින් තම ගජමිතුරු ධන කුවේරයන්ට බදු සහන මෙන්ම බදු වංචා කිරිමට ද අවස්ථාව උදා කර දි ඇති බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද දින ” දුප්පතුන්ට බර – ධන කුවේරයන්ට සහන” මැයෙන් පැවැති විශේෂ හෙළිදරව්වකදී කරුණු දක්වමිනි. එහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ  පැවසීය.

“රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ ආර්ථික අර්බුධයේ බර මුළුමනින්ම පොදු ජනතාව මත පැටවිලා තියෙනවා. අග්‍රාාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තය ප්‍රකාශයක් කරල තියෙනවා ඉදිරියේදී සති හයක් වගේ ඇතුළත කෙටි අයවැයක් එනවා, මේ අයවැයේ මුළු බර ජනතාව වෙත පටවනව කියලා. අධ්‍යාපනය හා සෞඛ්‍ය හැරුණු කොට ඉතුරු සියළු වියදම් කපන බව කියල තියෙන්නේ. ඇත්තටම අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මීට වඩා කපන්න දෙයක් නෑ. ඒවා බින්දුවට කපල තියෙන්නේ. ඉතුරු වියදම් සියල්ල කපනව, ජනතාව මත බදු බර පටවනව, ජනතාවට ගොඩක් අමාරුවෙයි කියල කියල තියෙන්නේ.

මේ හැම එකකටම උත්තරේ විදියට කියන්නෙ රටේ සල්ලි නෑ කියලා. හැබැයි එහෙම කියන ගමන් ලංකාවේ ධන කුවේරයන්ට, දැවැන්ත සමාගම්වලට, බදු සහන දීලා තියෙන්නේ. මේ දැවැන්ත සමාගම්වල ණය අක්‍රිය ණයබවට, බොල් ණය බවට පත් කරල තියෙනවා.

බදු පැහැර හැරීම කියන එක උදාහරණයක් විදියට ගත්තොත් අපේ රටේ සාමාන්‍ය ජනතාවට බදු පැහැර හරින්න බැහැ. ජනතාවගේ බදු තියෙන්නේ භාණ්ඩ හා සේවා මත. ඒ භාණ්ඩ හා සේවා බද්ද වෙළඳපොළේදී ගෙවන්න සිද්ධ වෙනවා. රටේ සමස්ත බදු ආදායමෙන් 85%ක් විතර තියෙන්නේ භාණ්ඩ හා සේවා මත බද්ද. 15%ක් විතර තමයි තියෙන්නෙ ධන කුවේරයන්ගෙ ධනය මත පනවපු ආදායම් බදු තියෙන්නේ. “

(පහත පළ කෙරෙන්නේ එම බදු පැහැර හැරීම් සම්බන්ධ හෙළිදරව් කෙරෙන ලේඛනයන්ය.)

“ගැටළුව තියෙන්නෙ රටේ සමස්ත ජනතාව බදු ගෙවද්දි මේ 15% බදු ගෙවන්නෙ නෑ. මේ වෙනකොට විගනකාධිපති වාර්තාව විසින් හෙළිකරල තියෙනවා 2015-2019 අතර අවුරුදු පහේදි රුපියල් කෝටි හතළිතස් එක්දහස් පහලොවක (කෝටි 41015) ගෙවිය යුතු බදු සමාගම් විසින් ගෙවීම පැහැර හැරල තියෙනව කියලා. 2020 වසරේ සමාගම් විසින් ගෙවිය යුතු බදු රුපියල් කෝට් දසදහස් පන්සියයක් (කෝටි 10500) ගෙවීම පැහැර හැරල තියෙනව කියලා. මේක කෝප් කමිටුව විසින් අනාවරණය කරගෙන තියෙනවා. එතකොට 2015-2020 කියන අවුරුදු හය ඇතුළෙ විතරක් ගෙවීම පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි පනස්දහසකට අධිකයි. “

“මේ තියෙන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරල තියෙන නොගෙවා පැහැර හරින ලද බදු සම්බන්ධ ලේඛණය. මේකෙ තියෙනවා ‘බේලීස් පුද්ගලික සමාගම’. මේක කැසිනෝ සම්බන්ධ ආයතනයක්. මේකේ අධ්‍යක්ෂක “කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා”. මේ අනුරාධ පෙරේරා කියන්නෙ ධම්මික පෙරේරගේ මල්ලි. නමුත් මේක ධම්මික පෙරේරගෙ කියල කවුරුත් දන්නවා. මේකෙ පැහැර හරින ලද මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන පන්සිය  හැත්තෑපහක් (රු. මිලියන 575). ඒ කියන්නෙ කෝටි 57ක්. ඒ මිලියන පන්සිය හැත්තෑපහක් බදු වංචා කරපු කෙනා තමයි ඩොලර් මිලියනයක් රටට ගේන්නම්, ආර්ථිකය ශක්තිමත් කරන්නම් කියල කියන්නේ.”

අනික් එකත් කැසිනෝ. ‘මරීනා කලම්බෝ රෑන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගම’. අයිතිකරුගේ නම හේවාවසම්ගේ රවීන්ද්‍රලාල් ශ්‍රීලාල් විජේරත්න.  ඒ කියන්නේ “රවී විජේරත්න”. මේ ව්‍යාපාරය ගෙවිය යුතු බදු රුපියල් මිලියන හත්සිය හැටක් (රු. මිලියන 760) ගෙවීම පැහැර හැරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේම ‘ස්ටාර් ඩස්ට් හෝල්ඩින්’ ව්‍යාපාරය තව රුපියල් මිලියන හත්සිය හැටක් (රු. මිලියන 760) ගෙවීම පැහැර හැරල තියෙනවා.

මේ සාක්ෂිවලින් පැහැදිළියි මේ පුද්ගලයෝ කෝටි ගණන්වලින් බදු ගෙවීම පැහැර හැරල තියෙනවා. ඔවුන් සම්බන්ධ කිසිදු පියවරක් මේ වෙන තුරු අරන් නැහැ. විශේෂ අධිකරණයක් දලා මේ බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් ගෙනල්ලා ඔවුන්ගේ දේපල රාජසන්තක කරල හරි ඔවුන්ගේ බදු අය කර ගත යුතුයි.

දැන් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියද්දි බදු ගහනව, බදු ගහනව, පටි තද කරගන්න කියල ජනතාවට කියද්දි ගෙවන්න ඕනෙ බද්ද පැහැර හැරපු මේ මූල්‍ය අපරාධකරුවන් සම්බන්ධ කිසිම පියවරක් අරන් නැහැ.

මේ විතරක් නෙමෙයි වැට් බද්දෙන් රුපියල් බිලියන 600ක් අහිමි වුනා. ඒ කියන්නේ රුපියල් කෝටි හැටදාහක් පමණ. ඒකෙ කිසිම වාසියක් සාමාන්‍ය ජනතාවට ලැබුණෙ නැහැ. මේ ලාභය කුඨ ව්‍යාපාරිකයන් විසින් හා ගජ මිතුරු ව්‍යාපාරිකයන් විසින් රැස් කර ගත්තා. මේක විතරක් නෙමෙයි සීනි බදු වංචාවෙන රුපියල් කෝටි එක්දහස් හයසිය හැත්තෑ හයක පාඩුවක්. මේ වගේ බදු වංචා විශාල ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. මේක තමයි ආර්ථිකේ ඇත්ත තත්වය.