Posted on 07.06.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
රනිල් වහාම මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි
රනිල් ඩොලර් ව්‍යාපෘති සියල්ල නවත්තනවා
මුදල් ඇමති ලෙස රනිල්ට කිසිදු සැලැස්මක් නෑ
මම රනිල්ට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරනවා
(TopNews) අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බවත්,ඔහු ලංකාවට ඩොලර් ගෙන එන ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේය. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස කරන මෙම සෙල්ලම වහාම නතර කළ යුතු බවයි.
අද ඉඳලා මමත් මේ අරගලයට තමයි ලෑස්ති වෙන්නේ. මම ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා දවස් හතයි. මම දැක්කා මේකෙ මොකද වෙන්නෙ කියලා. ෆයිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින්න නවත්තන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන හැම ප්‍රොජෙක්ට් එකක්ම නවත්තනවා. එයාට කිසිම ප්ලෑන් එකක් නෑ රටේ කෑෂ් ෆ්ලෝ එක සම්බන්ධව. එයාට කිසිම ප්ලෑන් එකක් නෑ මිනිස්සුන්ට කන්න දෙන විදය සම්බන්ධව. කිසිම ප්ලෑන් එකක් නෑ ඩොලර් ගේන විදිය සම්බන්ධව.
මම හිතනවා එයා මේ වෙලාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කිය කිය ඇවිදින්නෙ නැතුව ෆිනෑන්ස් මිනිස්ටර් විදියට, ඇත්තටම මට අගමැතිකම ප්‍රශ්නයක් නෑ. මොකද ටෙන් ඉයර් මල්ටිප්ලයි වීසා මාසයකට කළින් හදලා ඔක්කොම කරල කැබිනට් අනුමැතිය ගත්තේ, අදට මාසයක් වෙනවා ට්‍රෙෂරි එකේ මේක තියාගෙන ඉන්නවා. මොකද එයාගෙ හැබිට් එකක් තියෙනවා ඩොලර් එනවා නම් මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න ඕනේ කියලා. දැන් මෙතනට මිනිස්සු 50කට වැඩිය ඇවිත් තියෙනවා හන්ඩ්‍රඩ් තවුසන් ගානේ ඩොලර්ස් දාලා ඒ වීසා එක ගන්න. තව 300ක් විතර පෝළිමේ ඉන්නවා. ඒ කියන්නෙ ඩොලර් මිලියන 30ක් රටට ගේන්න පුළුවන් මේ මාසේ, මේක නොකර ඉන්නවා.
ඉතින් මේ වගේ දේවල් රටට කරන්න මෙතැනින් එහාට මම ඉඩ තියන්නෙ නෑ. කතා නොකර ඉදීමෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. මම හිතනවා ඒක නිසා මෙතැනින් එහාට මම ඉදීමෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. මම හිතනවා ඒක නිසා මෙතැනින් එහාට මම මෙතැන ඉන්නේ එයා රිසයින් වුනොත්. මම මීඩියා සංවාදයකට එන්න කියලා. මේක කරන වැඩ මම එකින් එකට කියන්නම්. පුළුවන් නම් ඇවිත් උත්තර දෙන්න. මොකද මේ රට මෙතැනින් එහාට ඩිසාස්ටර් එකට ගෙනියන්න මම ඉඩ තියෙන්නෙ නෑ. මම ලෑස්තියි කිසිම කොලයක් නැතුව එයා එක්ක ඒ වැඩේ කරන්න. මම 2019දි ඒක කරා. එයා එදත් පැනල දිව්වා. මම ආයෙ ආරාධනා කරනවා එයාට මගෙත් එක්ක ඩිබෙට් එකකට එන්න කියලා.