බන්ධනාගාර අපාය වෙද්දි මුදල් ආපසු යවයි!

වැලිකඩ බන්ධනාගාරය

පසුගිය වසරේ අයවැයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන්කළ මුදලින් 77%ක්ම වියදම් නොකර ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇත.

මේ බව අනාවරණය වූයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල විසින් බන්ධනාගාර මූලස්ථානයේ ඉකුත් දා කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී ය.

අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2018 වසරේ වෙන්කරන ලද මුදලින් වියදම් කර ඇත්තේ 23%ක් පමණක් බවය. පවතින බන්ධනාගාර මහත් පීඩාකාරි ලෙස පවත්වාගෙන යමින් මූලික මානුෂික අයිතිවාසිකම් සිරකරුවන් වෙතින් අහිමි කර ඇති අතර අපරාධකරුවන් බෝකරන ස්ථාන දක්වා බන්ධනාගාරයේ පීඩාකාරිත්වය පත්කර ඇත. මෙවන් පසුබිමක අයවැයෙන් සිරකරුවන් වෙනුවෙන් වෙන්කරන මුදල එක්කෝ ගසාකෑමට ලක්වන අතර ඉතිරි මුදල භාණ්ඩාගාරයට යැවීම සිරකරුවන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට පවා සිදුවන මහත් ව්‍යසනයක්ව තිබේ.

Chandana Sirimalwatte :