බ්‍රසීල ජනාධිපතිවරණයේ දක්ෂිණාංශික අපේක්ෂකයා වන්නේ ජායිර් බොල්සොනාරෝය.
තමා බලයට පත්වුවහොත් බ්‍රසීලයේ තවදුරටත් පෞද්ගලීකකරණය වේගවත් කරන බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එළැඹෙන ඔක්තෝබර් මස 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ.
බ්‍රසීල කම්කරු පක්ෂයේ අපේක්ෂක ලෙස රියෝ ද ජැනෙයිරෝහි හිටපු නගරාධිපතිවරයා වූ ෆර්නාන්ඩෝ හඩ්ඩා සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටද කටයුතු කළේය.
එසේ වූයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කළ උත්සාහය ව්‍යර්ථව ූබැවිනි.
එරට ව්‍යවස්ථා අධිකරණය විසින් කම්කරු පක්ෂයේ එම උත්සාහය වළකාලනු ලැබීය.
එසේ වූයේ ඔහු මේ වන විට වංචා දූෂණ චෝදනා වලට වරදකරුවී සිරදඩුවම් කරන බැවිනි.
බොල්සොනාරෝ ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබදව පළකර තිබේනේ සිය ට්විටර් පණිවුඩයෙනි.
ජනාධිපතිවරණය පිළිබදව අදහස් දක්වමින් බ්‍රසීලයේ රාජ්‍ය අංශය හා සේවා අංශය තමා බලයට පැමිණියහොත් වැඩිදුරටත් පෞද්ගලීකකරණය කරන බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය දිනක මැතිවරණ රැළියකදී පිහි ඇනුමෙන් තුවාල ලබා ජායිර් බොල්සොනාරෝ තවමත් රෝහල් ගතව සිටි.