අද දින පැවැත්වෙන බ්‍රසීල මහ මැතිවරණය සදහා එරට ඡන්දදායකයින් මිලියන 147ක් ඡන්දය භාවිතකිරීමට සුදුසුකම් ලබා ඇතිබව වාර්තාවේ.
අද දින පැවැත්වෙන මැතිවරණයේදී එරට ප්‍රධාන තනතුරු ගණනාවක් සදහා අපේක්ෂකයින් ඉදිරිපත්වන අතර එමගින් එරට ජනාධිපතිවරයා, උප ජනාධීපතිවරයා හා ආණ්ඩුකරවරු 27 දෙනෙකු හා උප ආණ්ඩුකරවරු 54 දෙනෙකුද, සෙනෙට් මණ්ඩලයේ සෙනෙට් සභිකයින් 513 දෙනෙකු හා මහජන මන්ත්‍රීවරු 1059 දෙනෙකු තොරාගැනීමට නියමිත බව වාර්තාවේ.
අද දින පැවැත්වෙන මැතිවරණයේදී එරට දක්ෂිණාංශීක අපේක්ෂක හා කම්කරු පක්ෂයේ අපේක්ෂකයා අතර ජනාධිපතිධුරය සදහා ප්‍රධාන සටන පවතින බව වාර්තාවේ.
සීයයට පනහ ඉක්මවා ඡන්දය ලබා ගැනීමට යම් අපේක්ෂකයකු අසමත්වුවහෝ සති තුනක් තුල නැවත ජනාධිපතවරණය සදහා දෙවන වරටත් ඡන්දය පැවැත්වෙන තත්වයක්ද බ්‍රසීල ජනාධිපතිවරණයේ සිදුවන්නට ඉඩ තිබෙන බවද වාර්තාවේ.