බාසිලෝනාහි විරෝධතාවයට ලක්ෂ ගණනක් එක්වේ

ස්පාඤ්ඤයෙන් වෙන්විය යුතු බවත් කැටලෝනියාවට දේශපාලන නිදහස හිමිවිය යුතු බවත් පවසමින් දශ ලක්ෂයකට ආසන්න පිරිසක් බාසිලෝනා නගරයේ ඊයේ දැවැන්ත විරෝධතා දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය වසරේ ඔක්ගෝබර් මස 01 වන දින පැවැති ජනමත විචාරණයට සහයෝගය ලබාදුන් කැලෝනියාවේ වෙන්වීමේ ව්‍යාපාරයේ නායකයින් ගණනාවක් මේ වන විට අත්අඩංගුවේ සිටිති.

සිය දේශපාලන නායකයින් වහාම නිදහස් කළ යුතු බවත් කැලෝනියානුවන්ට නිදහස දියයුතු බවත් එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින පිරිස් අවධාරණය කර ඇති බව වාර්තාවේ.

කැටලෝනියාවේ ස්වාධීනත්වය සදහා වූ ජාතික ව්‍යාපාරයෙ මෙහෙයවීමෙන මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇති වාර්තාවේ.

පසුගිය වසරේ ස්පාඤ්ඤයෙන් වෙන්විය යුතු බව පවසා කැටලෝනියානු පාර්ලිමෙන්තුව විසින් පවත්වනු ලැබූ ජනමත විචාරණයෙන් පසුව ස්පාඤ්ඤ රජය එම ප්‍රයත්නය ව්‍යර්ත කළේය.

කැලෝනියානු වෙන්වීමේ ප්‍රයත්නයට එරෙහිව ව්‍යවස්ථාමය හා යුද බලය භාවිතා කරමින් කැටලෝනියානු වෙන්වීමේ ව්‍යපාරයේ නායකයින් අත්අඩංගුවට ගෙන සිරකරනු ලැබූ අතර තවත් පිරිසක් ස්පාඤ්ඤයෙන් පළාගොස් මේ වන විට ඔස්ට්‍රියාවේ සරණාගත දිවියක් ගතකරමින් සිටී.

Madanayaka :