මට චෝදනා නොකර බැදුම්කර විමර්ශන වාර්තාව කියවන්න -රනිල් වික්‍රමසිංහ

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තමා වෙත චෝදනා කරන අය ඒ පිළිබද විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව කියවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ 2019 අයවැයේ ජනාධිපති හා අමැති වැය ශීර්ෂ සම්බන්ධව ඊයේ(14) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදීය. බැදුම්කර ගනුදෙනුව පිළිබද තමන් වෙත ඇතැම් අය චෝදනා නගන නමුත් ඒ පිළිබද විමර්ශන වාර්තාවේ තමන්ට කිසිදු චෝදනාවක් එල්ල වී නැති බව අගමැතිවරයා පවසයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා මේ සම්බන්ධ අගමැතිවරයා වගකිවයුතු බව පවසමින් විවාදයට අදහස් එක් කිරීමෙන් පසුව අගමැතිවරයා විමසා සිටියේ වාසුදේව මන්ත්‍රිවරයා විමර්ශන වාර්තාව කියවා නැති බවය.

මහබැංකු බැදුම්කර වංචාවේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම්කර ඇත. 2015 ජනවාරි මසදී අගමැති හා මුදල් ඇමති ලෙස පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද්දේ පෞද්ගලික හිතවත්කම පදනම් කරගෙන බවට චෝදනා නැගී ඇත. එසේම ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවේදී තමන් අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ බවද හිටපු මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රසිද්ධියේ පවසා ඇත.

Chandana Sirimalwatte :