Posted on 07.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අද (14) හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් යන අය හමුවී සාකච්ඡාවේ නිරත වී ඇත.