බුඩාපෙස්ට් කම්කරුවෝ, සරසවි සිසුන්, වාමාංශිකයන් සමග වීදි බසිති!

<> on December 16, 2018 in Budapest, Hungary.

හංගේරියාවේ බුඩාපෙස්ට් නු අගනගරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනතා විරෝධතාවය අද(17) වඩාත් ප්‍සංවිධානාත්මක ස්රූවපයක් ගෙන ඇත.

වික්ටර් ඕබන්ගේ පාලනය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කළ  “වහල් ශ්‍රම නීතියට ” එරෙහිව දස දහස් ගණනක් කම්කරුවන් වාමාංශික පක්ෂ වෘත්තීය සමිති ක්‍රියාකාරින් ඇතුළු ජනතාව 4වැනි දිනයේත් වීදි බැස ඇත. එරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේද සහයෝගය මෙම අරගලයට ලැබී තිබේ. 2010 බලයට පත් වූ විකටර් ඕබන් පසුගිය අප්‍රේල් මාසයේ විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් නමුත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටී. ඉදිරි වසරේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් යෝජිත නීති සංශෝධන අනුව විනිසුරුවරුන් පත්කිරීමේ බලය අධිකරණ ඇමතිවරයාට හිමිවන්නට කියමිතය. ඔබන් පාලනයේ ගමන්මග යුරෝපා සංගමයේ සීමාවන් ඉක්මවන බවට යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී විවචෙන එල්ල වී ඇත.

කම්කරුවන් චෝදනා කරන්නේ දක්ෂිණාංහික ආණ්ඩුවේ නව නීතිය හරහා ඔවුන්ට අමතරව පැය 250 සිට 400 දක්වා වැඩ ගැනීමට සැලසුම් කර ඇති බවය. එම අමතර ශ්‍රමයට අදාලව කම්කරුවන්ට හිමිවිය යුතු ගෙවීම් කිරීමට ධනපති සමාගම් වලට අවුරුදු 3 දක්වා සහන කාලයක් නීති සංශෝධනයෙන් ලබා දී ඇති නිසා එය කම්කරු අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදු කිරීමක් බවත් ඔවුහු පවසති.

 

Chandana Sirimalwatte :