ජනපතිගේ බොරු පොරොන්දුව නිසා නැවතුණු දුම්රිය වර්ජනය නැවතත්

හෙට(26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ යෙදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

මෙම වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණය කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන බව වාර්තා වේ.

වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති පසුගියදා දියත් කළ වැඩවර්ජනයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිණි.

එහිදී රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන ජනාධිපති විශේෂ කොමිස පසුගිය අගෝස්තු මස පත්කරන ලදී. එම කොමිසමේ වාර්තාව පසුගිය මසදී ජනාධිපතිවරයාට බාර දෙන ලදී. නමුත් මේ වනතුරු ඒ වාර්තාවට අදාළ කිසිදු දෙයක් සිදුවී නොමැත.

Sithara Sajeewani :