මඩකලපුව වවුනතිව්හි පොලිස් නිලධාරින් ඝාතනය පළිගැනීමක්දැයි සැකයක්!

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් වෙඩි තැබීමකින් සහ ගෙල කපා දැමීමෙන් ඝාතනය කර තිබෙන බව අද (30)අලුයම වාර්තා විය.

වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඊයේ පස්වරු 6.00 ට පමණ වව්නතිව් පොලිස් ස්ථානයට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධකයේ සේවයට වාර්තා කර තිබේ. අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ මළ සිරුරු දැක තිබුණි. පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වි ඇත්තේ අද අලුයම 3.30 ත් 4.00 ත් අතර කාලයේදි  මෙම නිලධාරින් ඝාතනය කරන්නට ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් වන පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න හා කල්මුණේ පදිංචිව සිටි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනායි.

ඝාතනයෙන් පසු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා සතුව තිබු රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙක ද ඝාතකයින් විසින් රැගෙන ගොස් තිබේ. වව්නතිව්හි පැවැත් විමට සුදානම් වු මහවිරු සැමරුමට අදාළව පසුගියදා පාන්ඩිඅඩි LTTE සොහොනේ සිදු කළ සැරසිලි ඉවත් කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කළේයද යන්න පිළිබඳ පරීක්ෂණවලදි අවධානය යොමු වී තිබේ.

Chandana Sirimalwatte :