Posted on 02.18.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා මෙම මස 27 වැනිදා ප්‍රථම වරට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට ඩුබායි පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම පිරිස ඩුබායි පොලීසියේ රැඳවුම් භාරයේ සිටින්නේ පසුගිය 05 වැනිදා සිටයි. අධිකරණයට ඉදිරිපත් කළ පසු එම කණ්ඩායමෙන් 15 දෙනෙකුට පමණ ඇප ලබාදීම, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැනි සහනයක් අත්වනු ඇතැයි වාර්තා වේ.
අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඩුබායි රාජ්‍යයේදී පෙර වැරදි සිදුකර නොතිබීම,පළමු වතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ අවස්ථාවකදීඅත්අඩංගුවට පත්වීම වැනි කරුණු නීතිඥයන් විසින් පෙන්වා දී තිබෙන බැවින් ඔවුන් දෙදෙනා සහනයක් ලැබෙනු ඇති බවට මත පළවී ඇත.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලිස් අත්අඩංගුවට පත් අයෙකු පය 48ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් ඩුබායි රාජ්‍යය තුළ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසියට අවශ්‍ය කාලයක් ගත හැකිය.