தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
මධූෂ් ‌‌වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මධූෂ් ‌‌වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්



දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔහුගේ ඥාතියෙකු විසින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

ඩුබායි පොලීසිය අත්අඩංගුවේ පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සූරියවැව පදිංචිකාරිනියකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.