Posted on 04.10.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායකයෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධූෂ් ඉදිරි සති දෙකක කාලය තුළ එරටින් පිටුවහල් කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම්දී තිබේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව ඊයේ(10) කැඳවු අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
එම ඝාතන කුමන්ත්‍රණයට පාර්ශව රැසක සබඳතා පවතින බව එක් පාර්ශවයක් ලෙස සැලකෙන පාතාල කල්ලි සාමාජික මාකදුරේ මදූෂ් නමැත්තාව ඩුබායි රටින් පිටුවහල් කර ගැනීම සඳහා රජය, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටින බව දිලීප පීරිස් සඳහන් කර තිබේ.
ඊට අමතරව මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහදී අත්අඩංගුවට පත්වූවන් අතරින් 15 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ඩුබායි පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මධූෂ් ලක්ෂාන් හෙවත් මාකඳුරේ මධූෂ් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් නේවාසික වීසා මත ඩුබායි රාජ්‍යයේ රැදී සිට ඇති බවට මෙතෙක් ඩුබායි පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙලිව ඇත.
ඒ අනුව ඔහුට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායිහි ආගමන විගමන නීති උල්ලංගනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධව ඩුබායි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවද වාර්තා වේ.